ප්‍රධාන පුවත්

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු 2026 මාර්තු 23 සිට යළි අය කිරීම ආරම්භයි

පසුගියදා තාවකාලිකව අත්හිටවූ කොලඹ නගර සීමාව තුළ නැවතුම් ගාස්තු අයකිරීම හෙට අලුයමෙන් අවසන්. 

ඒ අනූව කොළඹ නගර සීමාව තුළ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට (මාර්තු 23) පෙරවරු 6.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

 

නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ, මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී ගත් තීරණයක් අනුව, පෙර පරිදිම රථවාහන ගාල් කළමනාකරණය සහ ගාස්තු අය කිරීම නැවත ආරම්භ කරන බවයි.

 

ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් සහ එම ප්‍රදේශවල ඇති වූ තදබදය හේතුවෙන්, පසුගිය 18 වනදා සිට නැවතුම් ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

 

කෙසේ වෙතත්, QR කේත ක්‍රමය සහ වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම ක්‍රියාත්මක වීමත් සමඟ වාහන පෝලිම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය වීමෙන්, නැවත ගාස්තු අය කිරීම සඳහා තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button