
අද විශේෂ
මෙරට රාමසාන් උත්සවය අදට යෙදී තිබේ
ඉස්ලාමීය බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන රාමසාන් උත්සවය අදයි.
පසුගියදා කොළඹ මහ පල්ලිය නිවේදනය කළ පරිදි මෙරට මුස්ලිම් ජනතාව මෙවර රාමසාන් උත්සවය අද එනම් අප්‍රේල් 21 වන දිනට යෙදී තිබේ. පසුගිය (19) දින නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබුණි .
මෙම රාමසාන් දිනය යනු දානය, දයාව සහ භක්තිය පිරිපුන් සුවිශේෂී උත්සවයක් වේ, එය ලොවපුරා ඉස්ලාම් ප්‍රජාවට තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය පිළිබඳව නැවත හැරී බැලීමට ලැබෙන ඉතා වටිනා අවස්ථාවක් ලෙස ද සැලකෙනවා.




