යුද්ධ සහ ගැටුම්

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් නව සැලැස්මක් සලකා බලයි

ලොවපුරා  බොහෝමයක් රටවල් සෘජුව හෝ වක්‍රාකාරයෙන් මේවනවිට පීඩා විදින මැතපෙරදික යුද ගැටුම් අවසන් කිරීමේ ඉඟියක් අමෙරිනාකු ජනාදිපති DONALD TRUMP විසින් ප්‍රකාශ කර තිබෙනවා අමෙරිකාව ඉරානයට එරෙහිව සිදුකරන හමුදා ක්‍රියාමාර්ග තම අරමුණු සාර්ථකව සපුරාගැනීමේ අවසන් අදියරට ළඟා වී ඇති බව අමෙරිකානු ජනාධිපති ප්‍රකාශ කරයි. ඔහු තම ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, දැනට ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය නිම කිරීමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලීමක් සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම, ඉරානයේ යුද ශක්තිය දැඩි ලෙස දුර්වල කර ඇති අතර, ඔවුන්ගේ මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම අඩු කර තිබෙන බවත් ඔහු කියා සිටියේය. ඉරානයේ යුධ උපකරණ නිෂ්පාදන කඳවුරු විනාශ කිරීමට ද සාර්ථක වී ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට ඔවුන් උත්සාහ නොකරනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

ඊට අමතරව, මැදපෙරදිග කලාපයේ අමෙරිකාවේ මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේට් ඇතුළු රටවල් ඉරාන තර්ජනවලින් ආරක්ෂා කිරීමට හැකි වී ඇති බවද ඔහු අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන අනෙකුත් රටවල් එම මාර්ගයේ ආරක්ෂාවට වැඩි වගකීමක් භාරගත යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button