
26 හැවිරිදි කතක් පාළු ළිඳකින් හමුවෙයි – එම ළිදේම කාන්තා මළ සිරුරකුත්
රන්භාන්ඩ කොල්ලකෑමේ නවතම රැල්ලක් බවට සැක කරන සිද්ධියක්
මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේන් වාර්තා වෙයි පසුගියදා පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන ඇත.
සිද්දිය සැලවීමෙන් ප්ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ක කාන්තාව බේරාගන්නා විට එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
අදාල පොදු ළිඳ තුළින් කාන්තාවගේ විලාප හඬක් ඇසී ඇති අතර ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී මෙම කාන්තාව දියේ ගිලෙමින් සිට ඇති බව පැවසේ.
කෙසේ හෝ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අසාධ්‍ය මට්ටමේ සිටි කාන්තාව බේරාගෙන ඇති අතර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
දිවි ගලවාගත් කාන්තාව කොත්තියාපුලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මුරුගමූර්ති රනුජා නම් එක් දරු මවක් බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
පසුගිය 19 වන දින ඇය සිය දියණිය සමඟ ගමන් කරමින් සිටියදී යම්කිසි පිරිසක් විසින් ඇයව පැහැරගෙන ඇති අතර එම අවස්ථාවේ ඇයගේ දියණියව විසි කර දමා, රනුජාට පහර දී මෙම ළිඳට දමා ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
සොයාගන් අනෙක් මළසිරුර පසුගිය මාසයේ වෙල්ලාවෙලි පොලිස් බලප්‍රදේශයේ නාර්පතුවට්ටෙයි ප්‍රදේශයේදී අතුරුදන් වූ කාන්තාවකගේ විය හැකි බවටය පොලීසිය සැක පල කරයි .
එම ස්ථානයේ තිබූ පාවහන් මගින් ඥාතීන් ඇයව හඳුනාගෙන ඇති නමුත්, විධිමත් මරණ පරීක්ෂණයකින් සහ DNA පරීක්ෂණයකින් පසුව අනන්‍යතාව තහවුරු කරන බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



