
රාගම ‘ආමි උපුල්’ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු කොටුවෙයි – තවත් තොරතුරු රැසක් හෙළිවේ
රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදු වූ ‘ආමි උපුල්’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘ආමි උපුල්’ ඝාතනය ඉකුත් වසරේ ජූලි 3 වනදා සිදුකර ඇති අතර, එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පලාගොස් තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, ඉකුත් 17 වනදා ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ඊට අමතරව, වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සපයමින් ආධාර කළ බවට සැකකරන 29 හැවිරිදි පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී (18) දින අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ජාඇල ප්‍රදේශයේ නිවසකට මාර්තු 7 වනදා එල්ල කළ වෙඩි තැබීමකට ද ඔහු සම්බන්ධ බව අනාවරණය වී ඇත.
එමෙන්ම, සැකකරුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 14ක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන අතරතුර, ‘ආමි උපුල්’ ඝාතනයට ආධාර කළ තවත් සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 35ක් වන අතර එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
තවද, මෙම සැකකරුවන් දෙදෙනාම ඉකුත් වසරේ ජූලි 14 වනදා මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ බව හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන රාගම පොලිසිය විසින් සිදු කරමින් පවතී.



