ප්‍රධාන පුවත්

ඉරානයේ සයිබර් ප්‍රහාරකයින්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයර

පසුගිය දිනවල එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන සමාගමක් ඉලක්ක කරමින් සිදුකළ බව කියන සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත් ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි හතරක් FFEDERAL BUREAU IINVESTIGATION ( F B I ) ආයතනය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ක්‍රියාමාර්ගය ඉරානයේ බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන බවට සැලකෙන සයිබර් ක්‍රියාකාරකම් හා දේශසීමා ඉක්මවන මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ උත්සාහයක කොටසක් බවයි.

අත්පත් කරගත් එම වෙබ් අඩවි හරහා මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන්ට එරෙහිව ප්‍රහාර සිදුකරන ලෙසට උත්සාහ කර ඇති බවද අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button