ව්‍යාපාරික

රන් සිහින සැබෑකරන පසුබෑම – කැරට් 22 හා 24 නව මිල ගණන්

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් අද (19) දිනයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව, අද දහවල් වනවිට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය සමස්තයක් ලෙස රුපියල් 13,000කින් අඩුවීමක් ලෙස වාර්තා වේ.

අද උදෑසනටම රුපියල් 9,000කින් පහළ ගොස් තිබූ මෙම මිල, දහවල් වනවිට තවත් රුපියල් 4,000කින් අඩුවී ඇති බව සඳහන් වේ.

ඊයේ (18) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 374,400ක් ලෙස සටහන් වූ අතර, අද වනවිට එය පැහැදිලි ලෙස පහළ වැටී ඇත.

එසේම, කැරට් 24 රන් පවුමක මිලද ඊයේ රුපියල් 407,000ක් ලෙස පැවති අතර, අද වනවිට එය රුපියල් 394,000ක් දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ.

මෙම මිල අඩුවීම ලෝක රන් මිල පහළ යාමේ ප්‍රවණතාවයට සෘජුවම සම්බන්ධ වන අතර, ඉදිරියේදීද වෙළෙඳපොළ තත්ත්වය අනුව වෙනස්වීම් ඇතිවිය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button