
ඉරානයේ ප්‍රධාන බොරතෙල් අපනයන මධ්‍යස්ථානය කාර්ග් දූපතට අමෙරිකා ප්‍රහාර
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරය හරහා දූපතේ පිහිටි හමුදා ඉලක්ක සියල්ලම ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව තහවුරු කර ඇති බව සඳහන් වේ.
සැතපුම් 5ක් පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන කාර්ග් දූපත, ඉරාන වෙරළෙන් නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා ඇත.
මෙය ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන අතර, එරට “තෙල් ජීවනාලිය” ලෙසද හඳුන්වනු ලැබේ.
ඉරානයේ සමස්ත බොරතෙල් අපනයනයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් සිදු වන්නේ මෙම දූපත හරහා බව වාර්තා වෙයි.
එමෙන්ම ඉරාන බොරතෙල් විශාල වශයෙන් මිලදී ගන්නා චීනයට යන තෙල් නෞකා බොහොමයක්ද පිටත් වන්නේ මෙහි සිටය.
ඒ හේතුවෙන් කාර්ග් දූපතට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මේ අතර, මෙම දූපත අල්ලා ගැනීම සඳහා විශේෂ හමුදා යැවීම පිළිබඳවද අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බවටද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



