
විදෙස්
ඉරානයට එරෙහි සටනට ඉතාලිය සහභාගි නොවේ – Giorgia Meloni
දිමෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතින ඉරානයට එරෙහිව United States සහ Israel විසින් සිදුකරමින් පවතින ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් සහය නොදෙන බව Giorgia Meloni ප්‍රකාශ කර තිබේ.
Italy පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ සිටින ඉතාලි හමුදා භටයින් ඉවත්කර ගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, ඉරානයට එරෙහිව පවතින යුද ක්‍රියාමාර්ගවලට ඉතාලිය සෘජුව සහභාගි නොවන බවද ඇය පැහැදිලි කර ඇත.
තවද, ඉතාලිය මැදපෙරදිග යුද ගැටුමේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහිව පවතින සටනකට රටක් ලෙස සම්බන්ධ නොවන බවත් ඇය එහිදී අවධාරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම ප්‍රකාශය මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය අතරතුර සිදුකර ඇති වැදගත් දේශපාලන ප්‍රකාශයක් ලෙස සැලකෙයි.



