
වසරේ මුල් මාස 2 තුළ විදෙස් ශ්‍රමික පවුල්වල සුභසාධනයට රු. ලක්ෂ 962ක්
මෙම වසරේ මුල් මාස දෙක තුළ විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභසාධනය සඳහා Sri Lanka Bureau of Foreign Employment විසින් ප්‍රතිලාභීන් 5,938 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 962ක මුදලක් වැය කර ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමට පෙර කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාදෙන අතර, ඒ යටතේ මෙම වසර තුළදී ශ්‍රමිකයින් 116 දෙනෙකුට රුපියල් මිලියන 39.76ක ප්රතිලාභ ලබාදී තිබේ.
එමෙන්ම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක්ද කාර්යාංශය ක්‍රියාත්මක කරයි. ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක තුළ දරුවන් 5,775 දෙනෙකුට රුපියල් මිලියන 55.63ක් වටිනා පාසල් උපකරණ ලබා දී ඇත.
අමතරව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 34 දෙනෙකු සඳහා රුපියල් 660,000ක ආධාර මුදලක් ලබාදී ඇති අතර විගමණික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 14 දෙනෙකුට වෛද්‍ය සහාය සඳහා රුපියල් 248,000ක්ද ප්රදානය කර තිබේ.
රටට විශාලතම විදෙස් විනිමය ආදායමක් ලබාදෙන විගමණික ශ්‍රමිකයින්ගේ සුභසාධනය උදෙසා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද කාර්යාංශය පවසයි.
තවද විදේශ ගත ශ්‍රමිකයෙකු මියයන අවස්ථාවක ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන වන්දි මුදලද වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



