
මහනුවර ජාත්‍යන්තර පාසලක අනතුරක් වාහනයකට යටවී සිසුවෙකු මරුට
මහනුවර මහියාව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිදුවූ හදිසි අනතුරකින් හත් හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (12) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. පාසලේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් වාහනයක් නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව, වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් එය හදිසියේම ක්‍රියාත්මක වී ඉදිරියට ගමන් කර ඇති බව සඳහන්ය.
එම අවස්ථාවේ පාසලේ වතුර පානය කරමින් සිටි සිසුන් දෙදෙනෙකු එම වාහනයට යටවී ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසුන්ගෙන් එක් අයෙකු පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන් වාහනයේ හිමිකාර අධ්යක්ෂවරයා පවසා ඇත්තේ, තමන් වාහනය නවතා ඉන් බැස යෑමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාළ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදුකරමින් පවතින බවද සඳහන් වේ.



