
ඉන්ධන මිල ඉහළ යාමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු අද සිට 5%කින් වැඩිවේ
ඉන්ධන මිල සංශෝධනයෙන් පසු පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවල ගාස්තු අද (10) සිට 5%කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.
සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය කාලය තුළ ඉන්ධන මිල කිහිපවරක් සංශෝධනය වුවද රටේ පැවති ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ බවයි.
කෙසේ වෙතත්, මෙවර ඉන්ධන මිල ලීටරයකට රුපියල් 22කින් ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවාව පවත්වාගෙන යාමට ඇති වියදම් ඉහළ ගොස් ඇති බැවින් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
එමෙන්ම අනෙකුත් පාසල් ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර මෙම තීරණයට පැමිණි බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ සඳහා නව ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා ,
”නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්.. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට.. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා… රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ යෑම ප්‍රවාහන ක්ෂේත්රයේ අපිට දැඩි ලෙස දැනෙනවා… අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා.. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණය ගත්තේ”



