
ප්‍රධාන පුවත්
දකුණු ගැඹුරු මුහුදේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවී ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුමෙන් අනතුරුව අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී සොයාගත් පැකට් කිහිපයක් විමර්ශනය කිරීමෙන් පසුව ඒවා හෙරොයින් මත්ද්‍රව්‍ය බවට අනාවරණය වී ඇති බවද සඳහන්ය.
එමෙන්ම, සොයාගත් මත්ද්‍රව්‍ය පැකට්වල බර තීරණය කිරීම සඳහා මේ වන විට කිරුම් කටයුතු සිදුකරමින් පවතින බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.



