
ක්‍රීඩා
ඉන්දියාව vs නවසීලන්තය – විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තීරණාත්මක තරගය අද රාත්‍රී 7.00ට ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පිහිටි නරේන්ද්‍ර මෝදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේදී ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට පිවිස ඇති අතර එයින් අවස්ථා දෙකකදී ශූරතාවය දිනාගැනීමට ඔවුන් සමත්ව ඇත.
2014 වසරේ පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව අනුශූරතාවයට පත්වූ අතර එහි ශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
අනෙක් අතට නවසීලන්ත කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසි එකම අවස්ථාව 2021 වසරේදී වන අතර එහිදී ඔවුන් අනුශූරයන් බවට පත්වූයේ ඕස්ට්‍රේලියාව ශූරතාවය දිනාගැනීමත් සමඟය.



