
ඉරානය, ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර ගැටුම් පිළිබඳ නවතම තතු
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර ආරම්භ වී අදට දින 7ක් ගත වී ඇත. එම පසුබිම තුළ මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Update – 3:06 PM
බේරූට් නුවරට අමතරව, ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු වෙරළබඩ නගරයක් වන සයිඩන් වෙතද ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ ජනතාව දහස් ගණනින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් වෙමින් සිටින බව සඳහන් වේ.
Update – 3:00 PM
ඉරානය විසින් එල්ල කළ මිසයිල කිහිපයක් ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන බෙන් ගුරියන් ගුවන්තොටුපොළට පතිත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ ආරක්ෂක හේතු මත ඊශ්‍රායලයේ ගුවන් කලාපය තාවකාලිකව වසා දමා සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
Update – 2:56 PM
ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර දකුණු ප්‍රදේශයේ පිහිටි ඩහියේ (Dahiyeh) ප්‍රදේශයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලය පවසන්නේ මෙම ප්‍රහාර හිස්බුල්ලා සංවිධානයට අයත් යුද මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් ඉලක්ක කර ඇති බවයි.
Update – 2:19 PM
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනි ඝාතනයට සහ ඉරානයට එරෙහිව සිදු වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින් පාකිස්ථානය පුරා විශාල විරෝධතා පැවැත්වෙන බව වාර්තා වෙයි.
Update – 2:19 PM
බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
Update – 2:05 PM
කලාපයේ උත්සන්න වී ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ප්‍රංශයට අයත් නැව් 52ක් පර්සියානු ගල්ෆ් කලාපයේ සහ තවත් නැව් 8ක් රතු මුහුදේ සිරවී ඇති බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් ටබරොට් ප්‍රකාශ කර තිබේ.
Update – 2:00 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,332 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය වාර්තා කරයි.
Update – 1:57 PM
ඉරානයේ ෂිරාස් නගරයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
Update – 1:31 PM
ඉරානයේ සිටින තම පුරවැසියන් ඉවත් කර ගැනීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව අද සිට එම ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
Update – 1:18 PM
සයිප්‍රස් දූපතේ ආරක්ෂාව තරකරන අරමුණින් බ්‍රිතාන්‍යය ගුවන් සහ නාවික හමුදා ඒකක යොදවා ඇති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර තිබේ.
Update – 1:02 PM
ඕමානයට සහ කටාර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස් එම රටවල් දෙකට පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
අමෙරිකා-ඊශ්‍රායල යුද්ධයට ස්පාඤ්ඤය දිගින් දිගටම විරුද්ධ වන බවද ඔහු සඳහන් කර ඇත.
Update – 12:42 PM
දකුණු ලෙබනනයේ ඛියාම් නගරය දෙසට ගමන් කරමින් තිබූ ඊශ්‍රායල හමුදා රථ පෙළකට තමන් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර තිබේ.
Update – 12:36 PM
ඉරානයේ ෂිරාස් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් හදිසි වෛද්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
Update – 12:06 PM
ලෙබනනයේ බේරූට් අගනුවර දකුණුදිග ප්‍රදේශයට ඊශ්‍රායල හමුදාව විසින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
Update – 12:02 PM
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් ජනතාව ජීවත් වන ස්ථාන 3,600කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය පවසයි.
Update – 11:52 AM
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම දිගටම සිදු කිරීමට ඉන්දියාවට අමෙරිකාව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Update – 11:50 AM
ජෝර්දානයට එල්ල වූ ඩ්‍රෝන ප්රහාරයක වගකීම ඉරාකයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් වන Saraya Awliya al-Dam විසින් භාරගෙන ඇති බව වාර්තා වෙයි.
Update – 11:36 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ගුවන් සේවයක් වන Etihad ගුවන් සේවය අබුඩාබි සහ තෝරාගත් නගර කිහිපයක් අතර සීමිත ගුවන් ගමන් අද සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
Update – 11:33 AM
ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්ර කරන බවට ඊශ්‍රායලය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Update – 11:10 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
Update – 10:05 AM
අද උදෑසන ටෙහෙරාන් නගරයට එල්ල වූ නවතම ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්රදේශවලටද හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
Update – 09:00 AM
යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ඉරානයට අයත් නැව් 30කට වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති බව එක්සත් ජනපද හමුදාව පවසයි.
Update – 07:05 AM
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඇතුළු හමුදා අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. එසේ නොකරන්නේ නම් දැඩි ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවන බව ඔහු සඳහන් කර ඇත.
Update – 05:53 AM
ඉරානය විසින් බහරේනයේ මනමා නගරයේ හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රහාරයෙන් දේපළ හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බව සඳහන් වේ.



