
විදෙස්
හෝමූස් හරහා යන තෙල් නෞකා ආරක්ෂාවට නාවික හමුදාව සූදානම් – ට්‍රම්ප්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව ලබාදීමට අමෙරිකානු නාවික හමුදාව සූදානමින් සිටින බව අමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.
සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ගල්ෆ් කලාපය හරහා සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගමන් කරන බලශක්ති නෞකා වෙනුවෙන් දේශපාලන අවදානම් රක්ෂණය සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබාදීමට United States International Development Finance Corporation වෙත උපදෙස් ලබා දී ඇති බවයි.
එමෙන්ම ගෝලීය බලශක්ති සැපයුම් නිදහසේ ගමන් කිරීම වොෂින්ටනය විසින් සහතික කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, Strait of Hormuz වසා දැමීමට පියවර ගන්නා බව ඉරානය පසුගියදා ප්‍රකාශ කර තිබුණි.



