
ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යුදමය තොරතුරු
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුද ගැටුම් අතරතුර සෞදි අරාබියේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ක්‍රියාත්මක වන මධ්‍යම බුද්ධි ඒජන්සි (CIA) මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
Update – 6:20 AM
Dubai හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වාහන නැවැත්වීමේ ප්‍රදේශයකට ඉරාන ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් සුළු ගින්නක් හටගත් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio ප්‍රකාශ කර තිබේ.
Update – 6:14 AM
අමෙරිකානු හමුදා වාර්තා අනුව, එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉලක්ක 2,000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 17ක් විනාශ කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම Arabian Gulf, Strait of Hormuz සහ Gulf of Oman කලාපයන් තුළ මේ වන විට එකදු ඉරාන නෞකාවක්වත් ගමන් නොකරන බවද අමෙරිකානු හමුදා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය හා එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට දින පහක් ගතව ඇති අතර, එම ප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇත.
නවතම යාවත්කාලීන තොරතුරු සඳහා අප සමඟ දිගටම රැඳී සිටින්න.



