ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග පිළිගත නොහැකියි – රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනෙක් රටවල ආණ්ඩු බලය වෙනස් කිරීමට ගෙනයන ක්‍රියාමාර්ග කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

අමෙරිකා සහ Israel විසින් Iran වෙත එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, මෙම තත්ත්වය ඉතා ගැඹුරු ජාත්‍යන්තර ගැටලුවක් වන අතර එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට හිතකර නොවන බවයි.

තවද, ඉරානය තුළ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉරාන ඉන්ධන සැපයුම අඩාල වුවද, ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් හටගැනීමට ඉඩ නොමැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඉරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් ජාත්‍යන්තර ප්‍රවාහන කටයුතු බාධා කරන්නේ නම්, එය දැඩි ආර්ථික බලපෑමක් ඇති කළ හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

 

“ඉරානයේ තෙල් නැති වුණා කියලා විශාල හිඟයක් වෙන්නේ නෑ. අනික් රටවල් ඊට වඩා තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉරානය විසින් ඒ අසලින් එන තෙල් නැව්වලට බොම්බ දැමීමකින් නැව් නැවැත්තුවොත් ඒක විශාල ප්‍රශ්නයක්. දැනට ඒක සිදුවෙලා නෑ. 

ට්‍රම්ප් ජනාධිපති ඊශ්‍රායලයත් එක්ක එකතුවෙලා කළේ ඉරානයේ නායකත්වය නැති කරන්න. කෙසේ හෝ ආණ්ඩුවක් ඉවත් කරනවා නම් මේ ක්‍රමවේදය පිළිගන්න බැහැ. ස්විස්ටර්ලන්තයයි නොර්වේ එහෙම කියන්නනේ මේක ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අනුව සුදුසු නැහැ කියලා. 

ට්‍රම්ප් ජනාධිපති බලන්නේ එයා කැමති විදියට ලෝකේ වැඩකටයුතු කරගෙන යන්න. එත් මේක අපිට හොඳ නෑ. , මේක ඉතා ගැඹුරු ප්‍රශ්නයක්…”
 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button