විදෙස්

ඊශ්‍රායලයේ සිටින අමෙරිකානුවන්ට පිටව යාමට අවසර

Donald Trump ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එකඟ නොවන්නේ නම් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි බව යළිත් අවධාරණය කර තිබේ.

එම පසුබිම තුළ, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය ඉරානයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ න්‍යෂ්ටික ස්ථාන පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් United States Department of State අනුමැතිය මත ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ අත්‍යාවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට රටින් පිටව යාමට අවසර ලබාදී තිබේ.

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට පහරදෙන බවට ට්‍රම්ප් පෙන්වා දී ඇති අතර, ඒ සමඟම අමෙරිකාව මැදපෙරදිග කලාපයට යුද නාවික හා ගුවන් බලකා සම්පත් යොදවා තිබේ.

ඉරානයද එවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු හා අමෙරිකානු මිත්‍ර රටක් වන ඊශ්‍රායලය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවට අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ජර්මනිය, ප්‍රංශය, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ද තම පුරවැසියන්ට සංචාර සීමා කිරීම හෝ ඉවත්වීම පිළිබඳ උපදෙස් නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button