
ප්‍රධාන පුවත්
හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම තීන්දුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී ඇත.



