
විදෙස්
කියුබානු වෙඩි තැබීමකින් ඇමෙරිකා ලියාපදිංචි යාත්‍රාවක සිටි 4ක් මරු
අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කර ඇති වේග යාත්‍රාවක් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වීමෙන් පසු, Cuba වෙරළ ආරක්ෂක බලධාරීන් විසින් එය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබේ. එම සිද්ධියෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කියුබාවේ උතුරු වෙරළ තීරයට අයත් දූපතක් ආසන්නයේදී වේග ප්‍රහාරක යාත්‍රාවකින් පැමිණි පිරිසක් වෙත සිය ආරක්ෂක අංශ වෙඩි තැබූ බව කියුබානු රජය ප්‍රකාශ කර ඇත.
මේ අතර, United States රාජ්‍ය ලේකම් Marco Rubio සඳහන් කර ඇත්තේ, යාත්‍රාවේ සිටි පුද්ගලයින්ගේ හැඳුනුම්පත මෙතෙක් තහවුරු වී නොමැති බවයි. අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු සොයා බලමින් සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.



