
ප්‍රධාන පුවත්
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ 25 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට
පුවත (සංස්කරණය කළ වෙබ් පිටු අනුවාදය):
ගල්කිස්ස විලියම් පෙදෙස ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක ප්‍රමාණයක් සමඟ තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 25ක් වන අතර, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් පවත්වාගෙන යයි.



