කාලගුණය

ප්‍රදේශ රැසකට මි.මී. 75 දක්වා තද වැසි – පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැක. විශේෂයෙන් ඌව පළාතේ සහ මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ මෙන්ම අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

එසේම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30–40 දක්වා වන තරමක් තද සුළං හමනු ඇතැයි අනාවැකි කර ඇත.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

අදාළ ප්‍රදේශවල ජනතාවට අයහපත් කාලගුණ තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button