විදෙස්

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ වෙඩි තැබීමක් – 3 දෙනෙකු මරුට

 

United States හි රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ හොකී ක්‍රීඩා පිටියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සිද්ධියෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙමින් පවතින බව සඳහන් වේ. මියගිය අය අතර වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයාද අන්තර්ගත බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ පවුල් ආරවුලක් පදනම් කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button