
කාලගුණය
අද සවස ගිගුරුම් සහිත වැසි අවදානමක් – පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
අද දින සවස 2.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනය අනුව මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් දවස පුරා වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.



