
ක්‍රීඩා
ඉන්දු–පාකිස්තාන T20 ලෝක කුසලාන ගැටුම අද කොළඹදී
2026 ICC Men’s T20 World Cup තරගාවලියේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (15) රාත්‍රියේ කොළඹ R. Premadasa Stadium ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
රාත්‍රී තරගයක් ලෙස සංවිධානය කර ඇති මෙම මැච් එක මෙරට වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වන අතර, එය ‘A’ කාණ්ඩයට අයත් තරගයකි.
තරගය සම්බන්ධයෙන් ඇති වූ විශේෂ අවධානය හමුවේ, ආරක්ෂාව දැඩි කරමින් සියලු සැලසුම් සූදානම් කර ඇති බව Sri Lanka Cricket උප සභාපති රවින් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත.
දෙරට අතර පවතින දේශපාලන ආතතිය හේතුවෙන් තරගය පැවැත්වෙනවාද නැද්ද යන්න පිළිබඳව පසුගිය කාලයේ සැලකිය යුතු ආන්දෝලනයක් ද මතුව තිබුණි. කෙසේ වෙතත්, සැලසුම් කළ පරිදි තරගය අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.



