
Business
2026 ජනවාරියේ මහ බැංකු නිල සංචිත ඩොලර් බිලියන 6.824ක් දක්වා – රන් සංචිතයේ කැපීපෙනෙන වර්ධනයක්
2026 ජනවාරි මාසය අවසානයේ ශ්රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී ඇත.
මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ සටහන් වූ ඩොලර් බිලියන 6.838ක සංචිත ප්රමාණය සමඟ සැසඳීමේදී සෙ.0.2ක සුළු පහළ යාමක් ලෙස දැක්වේ.
කෙසේ වෙතත්, එම කාලසීමාව තුළ මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම සුවිශේෂී ලෙස ඉහළ ගොස් තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 86ක් ලෙස පැවති රන් සංචිතය, 2026 ජනවාරි වනවිට ඩොලර් මිලියන 109ක් දක්වා ඉහළ ගොස් ඇත. එය සෙ.21කට අධික වර්ධනයක් ලෙස සැලකේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පසුගිය මාසය තුළ ගෝලීය වෙළෙඳපොළේ රන් මිල වේගයෙන් ඉහළ යාම හේතුවෙන් මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම මෙලෙස වැඩි වී ඇති බවයි.



