
ප්රධාන පුවත්
තලංගම වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට
තලංගම අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක රථ ගාලේ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මෝටර් රථය තුළම ඝාතනයයි
තලංගම අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, වෙඩි ප්රහාරයට ලක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඔවුන් ගමන් කළ මෝටර් රථය ඇතුළතම මියගොස් ඇති බවයි.
මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක පළ කරන අතර, සැකකරුවන් හඳුනාගැනීම හා ප්රහාරයේ හේතුව පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් ක්රියාත්මක කරමින් පවතී.



