
ආනයන වාහන සඳහා අප්‍රේල් 1 සිට 2.5% නව බද්දක් – 2026 අයවැයෙන් අනුමතයි
අප්‍රේල් 1 වැනිදා සිට ආනයනය කරන වාහන සඳහා 2.5%ක නව බද්දක් ක්‍රියාත්මක කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, මෙම බද්ද 2026 අයවැය යෝජනා මඟින් අනුමත කර ඇති නව ආදායම් පියවරක් බවයි.
තවද, දැනට රේගු නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින වාහන සඳහා මෙම බද්ද බලපා නොමැති බවද ඔහු පැහැදිලි කළේය. අදාළ බදු අයකිරීම රේගු මට්ටමින් සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ඔහු මෙම තොරතුරු හෙළි කළේය.
මාධ්‍යට අදහස් දැක්වූ අරෝෂ රොද්‍රිගෝ මහතා,
“වාහනයක වටිනාකම වැඩි නිසා 2.5%ක් කියන්නේ ටිකක් දැනෙන බද්දක්. සරලව ගත්තොත් ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් විතර වැඩිවෙනවා.
එනිසා බද්දක් එකතුවූ බැවින් වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්” යනුවෙන් පැවසීය.
කෙසේ නමුත් ‘දිට්වා’ බලපෑමෙන් පසු මේ වනවිට වාහන උද්යෝගයෙන් මිලදී ගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.



