
ප්‍රධාන පුවත්
R.M.V ( D M T ) හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකාරිය වර්තමානයේ මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින බව කොමිෂන් සභාව සඳහන් කරයි.
ලද තොරතුරක් මත ආරම්භ කළ විමර්ශනයක් අනුව, 2017 පෙබරවාරි 17 වන දින නීත්‍යනුකූල මුල් පදිංචියක් නොමැතිව GZ–6889 අංක දරණ මෝටර් රථයක් නීති විරෝධී ලෙස පැවරීම සඳහා අනුමැතිය ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
පසුව සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, අධිකරණ නියෝග මත ඇප මත මුදා හැර තිබේ.



