
විදෙස්
ගුවන් නියමුවාගේ දක්ෂතාවයෙන් මගී ජීවිත 55ක් බේරෙයි
කාර්මික දෝෂයකට ලක් වූ මගී ගුවන් යානයක් සෝමාලියානු අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී තිබේ.
කෙසේ හෝ යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම පවසා ඇත.
අදාළ ගුවන් යානය මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසු තාක්ෂණික ගැටලුවක් වාර්තා කර තිබේ.
මෙම අවස්ථාවේ සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානය යළි ගොඩබස්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.



