අධ්‍යාපන

2025 O/L විභාගයට අදාළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, විභාගයට අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට දැන්වීම් ප්‍රචාරය කිරීමද සපුරා තහනම් වේ.

ඒ අනුව, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් එවැනි ප්‍රචාර පළ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද නීතිවිරෝධී වන බව ද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button