
රු 50,000 අල්ලස් ඉල්ලා ලබාගැනීමේදී නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (අල්ලස් කොමිසම) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පැමිණිලිකරු සේවය අතහැර යාමෙන් පසුව ඔහු නැවත සේවයේ පිහිටුවීම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයට ලබාදී තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීම සඳහා සැකකරුවන් විසින් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අනාවරණය වී ඇත.
එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමට යාමේදී අද පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



