
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (12) දින සිට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇතිවිය හැකි නමුත්, දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව සඳහන් කරයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව දැනුම් දෙයි.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා ඇති අනෙක් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව සඳහන් වේ.
සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතින බවත්, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලදී විටින් විට පැයට කිලෝමීටර් 45ත් 50ත් දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින වටා ඇති අනෙක් මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි.



