
ටිල්වින්,ශ්‍රී භූපේන්ද්‍ර අතර හමුවක්
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලය (ICCR) විසින් කළ ආරාධනයක් අනුව ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් මහතා අතර හමුවක් පැවැත්වී ඇත.
එම හමුවේදී ගුජරාට් ප්‍රාන්තයේ අනාගත සංවර්ධන කටයුතු සහ කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුව පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් වැනි ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා දෙපාර්ශවය අතර සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.
එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා බෞද්ධ ජනතාවට වන්දනා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ විපතකාරී අවස්ථාවේදී ගුජරාට් ප්‍රාන්තය විසින් දැක්වූ සහයෝගය සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා, ඒ සම්බන්ධයෙන් සිය කෘතඥතාවයද ප්‍රකාශ කර ඇත.
මෙම ඉන්දියානු සංචාරය අතරතුර ඔහු නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර, එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.



