ප්‍රධාන පුවත්

පෙබරවාරියේ පලමු දින අටේදී සංචාරක පැමිණීම 80000 පනි

මෙම වසරේ පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළදී සංචාරකයින් 80,776 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වාර්තා අනාවරණය කරයි.

එම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එය 12,439ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 15.0%ක් වේ. එයට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,283 දෙනෙකු, රුසියාවෙන් 6,946 දෙනෙකු, ජර්මනියෙන් 5,401 දෙනෙකු සහ චීනයෙන් 5,037 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2025 වසරේ පෙබරවාරි මාසය තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 240,217ක් ලෙස වාර්තා වී තිබේ.

මෙම නවතම පෙබරවාරි සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 358,103ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, 2026 වසර තුළ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 65,500 දෙනෙකු ඉන්දියාවෙන්ද, 38,823 දෙනෙකු එක්සත් රාජධානියෙන්ද, 34,080 දෙනෙකු රුසියාවෙන්ද පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button