
මෙරටින් දෛනිකව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ
මෙරට තුළ දිනකට නව පිළිකා රෝගීන් සම්මත වශයෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, “පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය” විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.
මෙම නව මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ පිහිටි බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වනවිට දිවයින පුරා ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම සේවාව පුළුල් කිරීමට අවධානය යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බහුතරයක් රෝගීන් රෝගයේ පසුකාලීන අවධියකදී හමුවන බවත් වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.
එමෙන්ම දිනකට පුද්ගලයින් 40කට පමණ පිළිකා හේතුවෙන් ජීවිත අහිමිවීමේ තත්ත්වයක් ද පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, ජාතික පිළිකා මර්දන වැඩසටහන අනුව මෙරට තුළ දිනකට කාන්තාවන් 15 දෙනෙකු පමණ පියයුරු පිළිකාවට ගොදුරු වන අතර, ඔවුන්ගෙන් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බව ද හෙළි කරයි.
එබැවින්, වයස අවුරුදු 20 ඉක්මවූ කාන්තාවන් සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කරන ලෙසත්, වයස අවුරුදු 20ත් 40ත් අතර පිරිස වසර තුනකට වරක් ද, වයස අවුරුදු 40 ඉක්මවූවන් වසරකට වරක් ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත් එම වැඩසටහන ජනතාවගෙන් ඉල්ලා සිටියි.



