
අද විශේෂ
රටම කම්පා කරමින් දෑස් පියාගත් සද්ධන්තයා
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් හක්ක පටස් කෑ බවට සැක පළවන වනඅලියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම වනඅලියා මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී සොයාගෙන තිබේ.
වයස අවුරුදු 08ක් පමණ වූ මෙම වනඅලියා දින කිහිපයකට පෙර හක්ක පටස් කා දැඩි ලෙස රෝගාතුර වී ඇති බව සඳහන් වේ.
ආහාර ගැනීමට නොහැකිව සිටි එම සත්ත්වයාට ප්‍රතිකාර ලබාදීම සඳහා පශු වෛද්‍යවරයා පැමිණීමට පෙර මරණයට පත්ව ඇති බව වාර්තා කර ඇත.
ප්‍රදේශයේ දඩයක්කරුවන් විසින් ඌරන් මැරීම සඳහා හක්ක පටස් භාවිත කරන බව වනජීවි නිලධාරීන් පවසන අතර, එලෙස ඇටවූ උගුලකට මෙම වනඅලියා හසුවී ඇති බවට ඔවුන් සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් අනුව සිදුකර, පසුව වනඅලියා වළ දැමීමට කටයුතු කර ඇත.



