ප්‍රධාන පුවත්

සමූපාකාර පාරිභෝගිකයින්ට රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්

මාසයක කාලයක් තුළ සමූපාකාර වෙළෙඳසැල් හරහා රුපියල් 10,000කට අධික මුදලක් වැය කර භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු සකස් කරමින් ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ජීවිත රක්ෂණාවරණය පාරිභෝගිකයින් හට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට තීරනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ තුනකට වැඩි බවය.

 

එමෙන්ම, සමූපාකාර සාමාජිකයින් සියලු දෙනාටද ජීවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

ඊට අමතරව, සමූපාකාර සේවකයින්ට තෘප්තිමත් වැටුප් ව්‍යුහයක් සහ ජීවිත රක්ෂණයක් ඇතුළු විවිධ සුබසාධන පහසුකම් ලබාදීම තුළින්, සමූපාකාර ව්‍යාපාරය ආර්ථිකයේ ප්‍රබල කොටසක් බවට පත් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

 

මෙහිදී වැඩිදුර අදහස් පළ කළ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, 

 

”සමූපාකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා ඉදිරියට ගෙන එනවා.. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක්  ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා..එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වා ගෙන යාමට අවශ්‍ය ණය මුදල් ද, අඩු පොලියක් යටතේ ලබා දීමට කටයුතු කරනවා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button