විදෙස්

📰 ජපාන මහ මැතිවරණය අද පැවැත්වේ

අද (08) දින ජපානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

 විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙවර මැතිවරණය සඳහා මිලියන 103කට අධික ජන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට සුදානමින් සිටින බව සඳහන් වේ.

 

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ. 

පවතින මත විමසුම් අනුව, ජපාන අගමැතිනි සනයි තකයිචි මේ වනවිට ඉදිරියෙන් පසුවන බවත්, ඇය නායකත්වය දරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇති සන්ධානයට වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි විය හැකි බවත් විශ්ලේෂකයින් පවසති.

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, සනයි තකයිචි ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.

 

ඇයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි වූ අතර, ඒ සමග ජපාන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තා නායිකාව ලෙසද ඇය වාර්තාගත විය. 

 

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනක කාලයක් ගතවූ පසු, පසුගියදා ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇය කටයුතු කළාය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button