
ක්‍රීඩා
පාකිස්තානයට තියුණු ජයක්
අද (07) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තට එරෙහිව කඩුලු 3ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
මෙම තරගයේදී නෙදර්ලන්තයෙන් හිමිවූ ලකුණු 148ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී පාකිස්තානය අසීරුවෙන් පසුකර ගියේය.
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.
කොලඹ SSC ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.



