
මන්ත්‍රීවරියන් හට සිදුවන අපහාස වැළැක්වීමට යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරදෙන ලෙසයි.
අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේය.
මෙහි විශේෂයෙන්ම සඳහන්ව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොවන බව එහි සඳහන් වෙයි.
තව දුරටත් මෙම සංසදය අවධාරණය කරන ආකාරයට මෙය ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බවය.
පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය පැවසූ ආකාරයට එහි තව දුරටත් සඳහන්ව ඇත්තේ, සමස්ථයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවටය.
එම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් සහ ප්‍රකාශ සිදු නොකළ යුතු බව එම සංසදය යෝජනා කර ඇත.
එය ස්ථාවර නියෝග යටතේ වන “පාර්ලිමේන්තුව තුළ විනය” කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බවද යෝජනාවේ සඳහන් ය.
ඒ නිසා අදාළ කරුණු පිළිබඳව සලකාබලා ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වනපරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරදෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.



