
විදෙස්
ඉරානය සමග වෙළෙඳාම් කලොත් බදු – ට්‍රම්ප් අත්සන් කල නියෝගයකට
ඉරානය සමඟ වෙළෙඳ ගනුදෙනු අඛණ්ඩව සිදුකරන රටවල් සඳහා අමතර තීරුබදු පැනවීමට අදාළව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මෙම නියෝගය යටතේ පැනවිය හැකි තීරුබදු අනුපාතය නිශ්චිතව ප්‍රකාශ කර නොමැති අතර, එය සියයට 25ක් පමණ විය හැකි බවට අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන පසුව අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නව නියෝගයේ විධිවිධානවලට යටත් වන බව අමෙරිකාව දැනුම් දී ඇත.
මෙම නියෝගය ක්‍රියාත්මක වීම විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකානු සහ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඕමානයේදී සාකච්ඡා පැවැත්වෙන පසුබිමක වීම හේතුවෙනි.



