ප්‍රධාන පුවත්

මෝදර 7 හැවිරිදි දරුවෙකු මරුට –මරනයට හේතුව UDA නිලධාරීන්ගේ වරදක්ද?

මහල් නිවාස සංකීර්ණයක පිටත බිත්තියකින් කඩා වැටුණු සිමෙන්ති බදාම කොටසක් හිසට වැදීමෙන් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම නිවාස සංකීර්ණය කොළඹ මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇත.

 

අදාළ මහල් නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටියදී, එක්වරම බිත්තියේ තිබූ සිමෙන්ති බදාම තට්ටුවක් කඩා වැටී දරුවාගේ හිසට වැදී ඇති බව වාර්තා වෙයි.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, අද (05) අලුයම් කාලයේදී දරුවා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර, රන්දිය උයන ප්‍රදේශයේ පදිංචි මොටීර් සඳරුවන් නමැති හත් හැවිරිදි දරුවෙකි.

 

අදාළ මහල් නිවාස සංකීර්ණයේ පිටත බිත්තියේ සිමෙන්ති බදාම තට්ටු කැඩී වැටීමේ අවදානමක් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන්ට කිහිප වතාවක් දැනුම් දී තිබූ බව අසල්වැසියන් පවසා ඇති අතර, එයට සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීම මෙම අනතුරට හේතුව වී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

 

මේ අතර, මෙම අනතුර පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, අදාළ මහල් නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ල 2014 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ එකක් බව සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button