අධ්‍යාපන

සා.පෙළ උපකාරක පන්ති දෙසැම්බර් 02 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සා.පෙළ උපකාරක පන්ති පැවැත්වීම දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

සා.පෙළ උපකාරක පන්ති තහනමට අදාළ විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම්දීම

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති අතර, එම තීරණයට අනුව අදාළ කාලසීමාව තුළ උපකාරක පන්ති පැවැත්වීම පමණක් නොව විෂය කරුණු සම්බන්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම ද තහනම් වේ.

ඒ අනුව 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button