
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
අද කාලගුණ අනාවැකිය අනුව නොවැම්බර් 28 වන අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට තද වැසි සහ අකුණු අවදානමක්
උතුරු සහ නැගෙනහිර පළාත්වලට වරින් වර වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවටද අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම කාලගුණ අනාවැකිය 2026 නොවැම්බර් 28 වන දින පෙරවරු 5.30ට නිකුත් කර ඇත.



