
අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට මි.මී. 75ක තද වැසි
අද කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද කාලගුණ අනාවැකිය: මි.මී. 75ක වැසි සහ අකුණු අනතුරු පිළිබඳ දැනුම්දීමක්
ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇතිවීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම කාලගුණ අනාවැකිය අද (22) උදෑසන 5.30ට නිකුත් කර ඇත.



