කාලගුණය

මි.මී. 100 ඉක්මවූ තද වැසි අද ප්‍රදේශ රැසකට

මි.මී. 100 ඉක්මවූ තද වැසි අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න

එම නිවේදනයට අනුව උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතී.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අනාවැකියේ දැක්වේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button