අධ්‍යාපන

තෙවන පාසල් වාරය දෙසැම්බර් 04 අවසන් වෙයි – නව වාරය ජනවාරි 04 ඇරඹේ

තෙවන පාසල් වාරය 2026 වර්ෂය සඳහා දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ.

තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 නව පාසල් වාරය ඇරඹෙන දිනය මෙන්න

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙම තීරණය අදාළ වන බවයි.

එමෙන්ම 2027 වර්ෂයට අදාළ නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙවන පාසල් වාරය අවසන් කිරීමේ කටයුතු

ඒ අනුව දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පාසල් වාරය තුළ සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නියමිත කාලසටහන්වලට අනුව අවසන් කළ යුතු වේ.

ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button