
පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි ඉල්ලයි – ලබාදීම කඩිනමින්
පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි ලබාගැනීමට ඉල්ලුම් කරයි – පොලී රහිත ණය පහසුකම්ද සැලසුම් කරයි
පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යතුරුපැදි සඳහා වැය වන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් ගෙවීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම යතුරුපැදි මිලදී ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට පොලී රහිත ණය පහසුකමක් ලබාදීමටද සැලසුම් කර තිබේ.
පහළ ශ්‍රේණියේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා සේවය කරන නිලධාරීන්ට මෙම ව්‍යාපෘතිය යටතේ යතුරුපැදි ලබාදීමට නියමිත අතර, ඒ සඳහා නිලධාරීන් කැමැත්ත පළ කරන යතුරුපැදි වර්ග පිළිබඳවද තොරතුරු විමසා ඇත.
ඒ අනුව ව්‍යාපෘතියට අදාළ ක්‍රියාපටිපාටි මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඉතා කෙටි කාලයක් තුළ යතුරුපැදි නිලධාරීන් වෙත ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය:
“පහළ ශ්‍රේණියේ නිලධාරීන් පොලිස් පරීක්ෂක දක්වා විද්‍යුත් යතුරුපැදි දෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් කැමැත්තෙන් පසුවෙන්නේ මොන විද්‍යුත් යතුරුපැදියකටද කියලා විමසීම් කළා. ඒ අනුව නිලධාරීන් 65,000ක් ඉල්ලුම් කරලා තියෙනවා තමන්ට ඕන යතුරුපැදිය මොකක්ද කියලා. එතකොට මේ සඳහා වැයවෙන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දරන්නත්, පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමටත් සැලසුම් කරලා ඔක්කොම අවසන් කරලා තියෙනවා. මේ වෙනකොට ක්‍රියාපටිපාටීන් සිද්ධ වෙමින් පවතිනවා. ඉතාම කෙටි කාලයක් තුළ මේ යතුරුපැදි ඔවුන්ට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.”



